මයික්‍රොඉමේජ් අඩවියට

 
 

 
   

 

 

හෙළවදන නවයුගය ....

හෙළවදන නවයුගය යනු, වසර 10 කට අධික කාලාන්තරයක් තුල සිදු කරණ ලද, භාෂා පර්යේෂණ සහ සංවර්ධන භාවිතයේ නිම්වළලු පුළුල් වීමක් ලෙස අර්ථ ගැන්විය හැක. වසර 1994 දී එළි දක්වන ලද හෙළවදන, දේශීය පරිගණක භාවිතයට නවමු අත්දැකීමක් විය. වසර 2000 දී එළි දක්වන ලද ස්වරානුකූල (Phonetic) යතුරු පුවරුව දේශීය භාෂා භාවිතා කරන්නන්හට මහත් ආශ්වාදනීය හා ඉහළ ඵලදායි අත්දැකීමක් වු අතර එමගින් ඕනෑම කෙනෙකුට තම දේශීය භාෂා අවශයතාවය ඉංග්‍රීසි යතුරු පුවරුවක් භාවිතයෙන් පහසුවෙන් කර ගත හැකි විය.

2005 දී එළිදක්වන ලද මෙම හෙළවදන නවයුගය, මෙතෙක් කිසිවෙකු විසින් අත් නොවිදි කාර්යභාර සමූහයක් ඉටුකරගැනීමේ ඉඩහසර ලබාදී ඇති මෘදුකාංගයකි.

යුනිකෝඩ් අකුරු භාවිතය, වෙළඳපොලේ අනෙක් ප්‍රමිතිගත නොකරන ලද අකුරු යුනිකෝඩ් බවට පත් කිරීමේ හැකියාව, විවිධ වැඩසටහන්, උපාංග, ක්‍රීඩා සහ සුවිශේෂි ස්වයං අධ්‍යාපනික මෘදුකාංග මගින් බලගැන්වී ඇත

 
   
   
 

මෘදුකාංග හා දෘඩාංග අවම අවශ්‍යතා

  • පෙන්ට්යම් 3

  • 128MB රැම්

  • දෘඩාංග තැටියේ 300MB හිස් අවකාශය

  • වින්ඩෝස් 2000 ඇතුළු ඉහළ මෙහෙයුම් පද්ධති

 
   
 

ඔබට මෙම මෘදුකාංගය පහත සඳහන් බලය ලත් අලෙවි නියෝජිතයන්ගෙන් ලබා ගත හැක.

1. යූරෝ කොම්
   ලිපිනය : 294/1/1, ගාලු පාර, කොළඹ 04
   දුර : 011 4514511-3

2. ඕපන්ආර්ක් ග්ලෝබල් සොලියුෂන්ස්
   ලිපිනය : 4වන මහල, බටහිර කුළුණ,
   ලෝක වෙළ මධ්‍යස්ථානය, කොළඹ 01
   දුර : 011 2392285/6

3. ප්‍රින්ට් රයිට් රීනිව් ස්ටේෂන්
   ලිපිනය : අංක 34/, පළමු මහල,
   ලිබර්ටි ප්ලාසා කොළඹ 03
   දුර : 011 2375587

4. සාලා එන්ටර්ප්‍රයිසස්
   ලිපිනය : 445, හැව්ලොක් පාර, කොළඹ 06
   දුර : 011 5325577

5. සුපර් නෙට් ටෙක්නොලොජි
   ලිපිනය : 146, කොලොන්නාව පාර, කොලොන්නාව
   දුර : 0714 306470

6. ට්‍රිලෝබයිට් ලැබ්ස්
   ලිපිනය : 240, හයිලෙවල් පාර, කොළඹ 06
   දුර : 011 5548980

 

 

අකුරු

මෙමගින්  සියළුම  අකුරුවල  හැඩතල දැකිය හැක. ඔබගේ  පද්ධතියේ අඩංගු සියළුම අකුරු හැඩතල (සිංහල, ඉංග්‍රීසි හා දෙමළ) යුනිකෝඩ් අකුරු වෙනමම  සහ  පැරණි  හෙළවදන අකුරු වෙනමද දැක ගත හැක.

මෙහිදී අකුරු ව්ව්ධ ප්‍රමාණවලින් එහි හැඩතලය ද සමග  දර්ශනය කෙරේ.

 
 

 

 
 

 

යතුරු පුවරු

ඔබ  වඩාත් ප්‍රියකරන යතුරු පුවරුව  මෙමගින්  තෝරාගත හැක. මෙහි සාමාන්‍ය  ඉංග්‍රීසි  යතුරු පුවරුව හැරුනු කොට, සාමාන්‍ය සිංහල සහ සිංහල යුනිකෝඩ් අකුරුද භාවිතා කළ හැක.

මෙහි ඇති තවත් විශේෂත්වයක් වන්නේ, සිංහල අකුරු සඳහා විජේසේකර මෙන්ම ස්වරානුකූලවද (Phonetically) යතුරු පුවරුව පහසුවෙන්ම  භාවිතා කළ හැක.

 

 

 
 

 

උපාංග

ඔබ විසින් සකසන ලිපි ලේඛණ පහසුවෙන් සකසා ගැනීම සඳහා යොදා ගත හැකි උපාංග වලින් සමන්විත වේ.

පින්තූර එකතුව

ඔබගේම පිංතූර එකතුවක් ඉතා මැනවින් සකසාගැනීමට පිළිවන. පිංතූර, අකුරක් මඟින් හෝ නමක් භාව්තයෙන් සොයාගැනීමද, ව්ශාලත්වයන් වෙනස් කිරීමද්, වෙනත් ගොනුවකට පිටපත් කරගැනීම ආදියද කරගතහැක. ඊට අමතරව ඔබගේ ලිපි ලේඛණ වලටද මෙහි ඇති පින්තූර පහසුවෙන් පිටපත් කර ගත හැක.

පරිවර්තකය

වෙළඳපලේ ඇති වෙනත් අකුරු වර්යන්ද යුනිකෝඩ් ප්‍රමිතියට පරිවර්තනය කර ගත හැක. තවද ඔබට මෙම උපාංගය මගින් ඔබට අවශ්‍ය ඕනෑම සිංහල අකුරු හැඩතලයක් යුනිකෝඩ් බවට පරිවර්තනය කිරීම සඳහා උපයෝගී කර ගත හැක.

 

ලිපිසොයනය

ව්න්ඩෝස් හි ඇති file search නැමති ක්‍රියාකාරකමට සමාන සෙවුම් යන්ත්‍රයකි. මෙමගින් යුනිකෝඩ් ආකාරයට නම් කර ඇති ලිපි, ලේඛණ ආදිය සොයා ගත හැක.

 

සෙවීම හා යෙදීම

සිංහල යුනිකෝඩ් ලිපියක ඇති වචනයක් ඔබේ අවශ්‍යතාවය හා කැමැත්ත අනුව වෙනත් වචනයකට මාරු කරගත හැකිය. මෙම පහසුකම ඉංග්‍රීසි මාධ්‍ය සඳහා ද අදාලවේ.

 

අක්ෂර පරීක්ෂකය

සිංහල අක්ෂර ව්න්‍යාසකයක් වශයෙන් ක්‍රියාත්මක වේ

 

 

 

 

 

 

 

 

 

 

 

 
 

 

වැඩසටහන්

ගණක යන්ත්‍ර

ගණිතමය කටයුතු සඳහා උපකාරීවේ.

දිනදසුන

ඔබගේ වාර්ෂික දින සැලැසුම් කරගැනීමට උපකාරීවේ.

පරිවර්තකය

උෂ්නත්වය, දිග, බර වැනි ම්ණුම් ඒකක වෙනත් ඒකකවලට පරිවර්තනය කරගැනීමට උපකාරීවේ.

උදා. සෙල්සියස්වලින් ෆැරන්හයිට්වලට පරිවර්තනය කරගැනීම

දිනසැලැස්ම

දෛනික සැලසුම් කරගැනීමට උපකාරීවේ.

ඇලවෙන කොළ

මෙම ඩිජිටල් ඇලවෙන කොළ පරිගණක තිරය මත පිහිටුවා ගත හැකිය.

යතුරු පුහුණු ක්‍රිඩාව

මෙම සුව්ශේෂි ක්‍රිඩාවෙහි යෙදීමෙන් සිංහල යතුරු පුවරු භාව්තය වේගවත් වේ

ලෝක ඔරලෝසුව

පරිගණක තිරය මත දැක්ව්ය හැකි ලෝක වෙලාවන් දර්ශකයකි.

 
 

 

 

 

 

 
 

දැනුම

ගවේශක

Microsoft හි ඇති Word, Excel, PowerPoint මෘදුකාංග තනිවම උගත හැකි අධ්‍යාපනික මෙවලමකි.

Windows XP මූලධර්ම

Windows XP මෙහෙයුම් මෘදුකාංගයේ ඔබ ව්සින් දැනගතයුතුම අංගයන් පිළිබඳ අවබෝධයක් ලබාගත හැකිවේ

යුනිකෝඩ් යනු

යුනිකෝඩ් පිළිබඳ දැනුම ලබාගත හැකිවේ